Skip to main content

කිං කැකිල්ලේ ගේ නීති​ය




අනේ ඉතින් ශ්‍රී සේන හෙවත් අන්තිම සේන රජතුමා පැන්සොං ගිහින්, කැකිල්ලේ කුමාරය රජවෙලා මාසයක් ගියේ නෑ, උදේ පාන්දරම රජ වාසලේ ගේට්ටුව ඉස්සරහ කවුදෝ ඩිසේබොල්ඩ් හාදයෙක් හොරගල් අහුලනව. මේක දැකපු රෝයල් ගාඩ් තෙම්ක් ගේට්ටුවේ කූරු අස්සෙන්ම උගේ ඇඟට කඩා පැනපි. “ඈ බොල ජෝතිපාලයො, තොපි දන්නව නේද කැකිල්ලෙ සෑර් කියන විදිහට වැඩ කොරන්න ඕනෙ කියල. කැකිල්ලෙ සෑර් කිවුව නේද ඔය උපවාසෙ නවත්තල, අපි වෙනුවෙන් තොපි අරමුදලෙන් හදල, මාසෙ පඩියෙන් බාගෙකට තොපිට කුලියට දුන්නු ගෙවල් වලට ආපහු පල කියල. කැකිල්ලෙ සෑර් රජ වුනාට පස්සෙත් මෙතන ටැක් ගැහෙන්නෙ, තෝ හදන්නෙ ආන්ඩුව අපහසුතාවෙට පත් කරල, අර දූශනය වෙච්ච අම්මන්ඩි වගේ හිරේ ලගින්නද? දන්නවනෙ, දැන් තියෙන්නෙ ශ්‍රී සේනයගෙ හාල් පාරු ආන්ඩුව නෙවෙයිකැකිල්ලෙ රජ්ජුරුවන්නෙ කොන්ද කෙලින් තියෙන ආන්ඩුව. හරිය?… කන්න බොන්න පඩිය මදිනම්, බඩ පිරෙනකන් තාප්ප වල පින්තූර ඇඳපන්.

රෝයල් ගාඩ්ගෙ ඇම්බුශ් එකෙන් පුක්ස් මැකිස් වෙලා වාරු නැතුව බිමට පතබෑවෙච්ච ඩිසේබොල්ඩ් හාදය, “අනේ නෑ සෑර්, මම රණවිරුවෙක් නෙවෙයි, මේ කැකිල්ලෙ රජතුමාට කොම්ප්ලේන් එකක් කොරන්න ආවෙ” කියල කියාපි.
“හා එහෙම වරෙන්, කකුල අඤ්ඤකොරොස් නිසා මම හිතුවෙ උඹ ඒකෙන් වැඩක් නෑ, උඹ කවුද?”
සන්දීප්, සෑර්, සන්දීප්.”
හා, එහෙනම්, වර ඇභුලට. සුවර් නේද, උඹ ජෝතිපාලයෙක් නෙවෙයි කියල?”

අනේ ඉතින් ඇතුලට ගිය සන්දීප් කොලුවට පැය හතරකට විතර පස්සෙ කැකිල්ලෙ රජතුමාට තමන්ගෙ පැමිනිල්ල ඉදිරිපත් කරන්න ඔපචුනිටිය උදාවුනා.

“පස්වාන් දහසකට සොහොං හදන්ඩ ස්වාමීනි, මගේ මේ පැමිනිල්ල ඉදිරිපත් කොරන්න අවුරුදු තුනක් නොකා නොබී බලන් හිටිය”
“හා හා ඉක්මනට කියපිය, මට මොන්ටිසෝරියක් විවුර්ත කරන්න යන්නත් තියෙනව දඬුමොනරෙන්.”
“අනේ සෑර්මීනි, මම අර ගහේ බන්ඩාරයගෙ වහලෙ කඩාන බිමට පතබෑවිලා කකුල සොත්ති වෙලා අවුරුදු තුනයි. මේ කාලෙටම, වහලෙකට නගින්න තියා ජනෙල් පඩියකට නැගගන්නවත් විදියක් නෑ. ඒක නිසා හරියකට කන්නබොන්නවත් කීයක්වත් හම්බකොරගන්න බෑ සෑර්මීනි. අර ගහේ බන්ඩාරයගෙ වහ​ලෙ හින්ද මම අබ්බගාතයි. මම මේ ඔබතුමාටවත් කියල සහනයක් ලබාගන්න ආවෙ.”

“රාජ පොලිස් පුරුශය, ඔය කියන ගහේ බන්ඩාරය කුදලගෙන වර. මට මොන්ටිසෝරිය විවුර්ත කරන්න යන්න දඬුමොනරෙ ඉස්ටාට් කොරල බලං ඉන්නව. සන්දීපයො, තෝ ඔය රජමාලිගාවෙ අගුවෙ හෙට වෙනකල් ලැගපිය. ගහේ බන්ඩාරය කුදලං ආවම හෙට කොන්ටිනියු කොරමු.”

අනේ ඉතින් පහුවෙනිද ආයි රාජ සභාව රැස් වුනා. කැකිල්ලෙ රජ්ජුරුවො වෙනද වගේම බොහ් බොහ් ගගා හිනාවෙවි ඇවිත් සිංහාසනාරූඩ වුනා.
“රාජ පොලිස් පුරුශය, කෝ ගහේ බන්ඩාරය කුදලං ආවැයි?”
“පස්වාන් දහසකට සෝං හදන්ඩ සෑර්මීනි, අපි පාන්දර දෙකට ගහේ බන්ඩාරයගෙ ගෙට කඩාපැන්න, අනේ ඒ යකා ගෙදර හිටියෙ නෑ නොවැ. ඉතින් අපි ඔබ වහන්සේ කියල තියෙන විදියට, ගෙදර හිටපු උගෙ අවුරුදු අසූවෙ අම්මයි, උගෙ මායියයි, උගෙ අවුරුදු දෙකේ දෝනියැන්දයි කුදලල කරත්තෙක දාන ආව. මේ ඉන්නෙ, පැය 12 ට පස්සෙ කරත්තෙන් බස්සපු ගමන්, මේ ඉන්නෙ.”
“සතුටුයි, සතුටුයි, රාජ පොලිස් පුරුශය, කෝ ගනින් ඔය වංගෙඩියක්, ඔය කෙලීව දාල…” කියනකොටම, “අනේ බුදු කැකිල්ලේ රජ තුමනි. මගේ පවුල බේරල දෙන්න, මම දැනගත්තු ගමන් මේ ආව..” කියාන ගහේ බන්ඩාරය රාජසභාවෙ මැද වැඳ වැටුන.
“හා හා, තෝ ආවද, මේක කිරිමෙල් වැඩක්. තොගේ වහල නිසා මේ සන්දීපය ඩිසේබොල් වෙලා. ඌට කල්ලල්ලෑ බොල්ලල්ලෑ. මේකට දඬුවම තෝ මගේ මගුල් ඇතා ලවා පාගවා මැරීම.”

“අනේ පස්වාන් දහසකට සෝං හදන්ඩ සෑර්මීනි, මේක මගෙ වරදක් නෙවෙයි, මේ සන්දීපය මහ රෑ මගෙ ගේ හොරා කන්න වහලට නැගල උළු කැට අයින් කරල ඇතුලට බහින්න හදනකොට වහලෙ රීප්ප කඩාන බිමට පතබෑවුනා. මම මූට හොඳට සලකන්න හදනකොට අපේ මායිය කිවුව, මුගේ කකුලකුත් කැඩිල නිසා, මූට තව නෙලන්නෙ නැතුව රාජ පොලෝසියට බාර දෙන්න කියල. මූ හොරා කන්න වහලට නැගපු එකයි, උළු කැට අයින් කරනකොට වහලෙ කඩාන වැටුන එකයි ඔක්කොම රාජ පොලිස් කට උත්තරේ තියෙනව. ඒකාලෙ රාජ පොලෝසිය මූව කුදලල මහ උළුගෙදර යවන්න හදනකොට, මම කිවුව මු දැන් ඩිසේබොල් නිසා ඒ දඬුවමම ඇති, මූට යන්න දෙන්න කියල.”

“හා, හා, දැන් තියෙන්නෙ ශ්‍රී සේනයගෙ අඤ්ඤකොරොස් රාජ පොලෝසිය වත් කොන්ද පන නැති නීතිය වත් නෙවෙයි, දැන් තෙයෙන්නෙ කැකිල්ලෙගෙ විනයගරුක රාජ පොලෝසියයි, කැකිල්ලෙගෙ නීතිය. ඒ කාලෙ වගේ දැන් තොට ගැලවීමක් නෑ. රාජ පොලිස් පුරුශය, මේ ගහේ බන්ඩාරයව කුදලං ගිහින් මගුල් ඇතා ලවා පාගා මරණු.”

එන පොට හොඳ නැති බව තේරුන ගහේ බන්ඩාර, කැකිල්ලෙ නීතියත් එක්ක තරක කරන්න බැරි නි​සා, පොඩ්ඩක් නීතිය නවන්න හිතාන මෙහෙම කිවුව. “අනේ පස්වාන් දහසකට සෝං හදන්ඩ සෑර්මීනි, මේ සන්දීපය වහලෙ කඩාන වැටිච්ච එක මගෙ වැරැදදක් නෙවෙයි. මම ගේ හදනකොට, වහලෙ හදපු මකබාස්ට හොඳට ගෙවුව, තුන් හතර දෙනෙක්ට වුනත් වහලෙ උඩ රිලේ දුවන්න පුලුවන් විදියට හදන්ඩ කියල. ඒ යකා ඒක හරියට කොරේ නැති නිසානෙ ඔය සන්දීපය ඩිසේබොල් වුනේ…”

ඒකත් එහෙමෙයි. රාජ පොලිස් පුරුශය, ඔය මකබාසය කුදලාන වර.”

අනේ ඉතින් පැය දෙකකින් විතර, කැකිල්ලේගෙ රාජ පොලීසිය, මකබාසය අල්ලල, මූන නාලු වෙන්න හොඳට සංග්‍රහයකුත් කරල, කුදලාන රාජසභාවට ගෙනාව. 
“එම්බා මකබාසය, තෝ ගහේ බන්ඩාරයෑ වහල ඉන්ෆීරියර් කොලිටියට හදපු නිසා, සන්දීපය ඒක කඩාන වැටිල ඩිසේබොල් වෙලා. ඒකට දඬුවම විදියට, තෝව මාගේ මගුල් ඇතා ලවා පාගා මරණව. තොට නිදහසට යමක් කියන්න තියෙයි?”

පොලීසියෙ මාත්තුරු සංග්‍රහ කරන අස්සෙ, මේ කේස් එක ගැන කියපුව අහගෙන හිටපු නිසා,  මේ අසූචි කේස් එකෙන් ගැලවෙන්නනම්, කැකිල්ලෙ නීතිය නවනවා විනා වෙහ ගැලවුමක් නැතිබව තේරුම් අරං හිටපු මකබාසය, “පස්වාන් දාසකට කුළුණු හදන්ඩ සෑර්මීනි, මේක මගේ වරදක් නෙවෙයි. මම හොඳට වහලෙ හදාන යනකොට, ඔය ගහේ බන්ඩාරයෑ ගෙදෙට්ට ගෙවල් හත අටක් එහා ගෙදරක ඉන්න සිරික්කි නෝන ඔය ගේ ලඟින් හැමදාම දෙතුන්පාරක් ගියා. අනේ ඉතින් අපිත් මිනිස්සුනේ. ඇහැට කනට පේන කෙනෙක් ලඟින් යනකොට නිකන්ම බැලෙනවනෙ. බොරු නම් ඔබ තුමෑ අයියන්ඩිගෙන් අහන්නකො. ඔය ඩිස්ට්‍රැක්සොං එක නිසා වහලෙ කොලිටිය බහින්න ඇති. අනේ ඉතින් මා ගැන කමා කොරන්න සෑර්මීනි…”

“ආ ඒකත් එහෙමද, එහනම් රාජ පොලිස් පුරුශය, ඔය සිරික්කි නෝනා කුදලාන වර.”

මේ අසූචි කේස් එක රාජ්ජ මාජ්ජ වලින් හොඳට කවර් කොරාන යන නිසා, ඕක සිරික්කි නෝනට දැනගන්න ලැබුන. දැන් රාජ පොලෝසියෙ ඉන්න මහත්තුරුන්නෙ මනදොල පිනවන්න තියෙන අකමැත්ත නිසාම, සිරික්කි නෝන එයාගෙම නීතීග්ඥයගෙ මාර්ගෙන් රාජ උසාවියට බාර වුනා.
නීතීග්ඥයත් කැකිල්ලෙ නීතිය හැඬල් කරන්න ඕන විදිය ගැන සිරික්කි නෝනව අප්ඩේට් කොරල තිබුන.

“පස්වාන් දාසකට කුඹුරු කොටල සංචාරකයො ගේන්ඩ සෑර්මීනි, මේක මගේ වරදක් නෙවෙයි. මම කරාබු  දෙකක් හදන්ඩ වඩුගොඩපිටිය හන්දියෙ තියෙන රත්තරංබඩු කඩේ ඉන්න උඩකරනං චෙට්ටියාර්ට බාරදුන්න. දෙනව කියපු දවසෙ උදේ ගියාම, චෙට්ටියාර් කියනව තවම ඉවර නෑ, හවස එන්න කියල. හවස ගියාම කියනව හෙට උදේ එන්න කියල. ඕක දවස් දෙක තුනක්ම සිද්ද වුනා. ඒකයි මම ඔය වහලෙ හද හද තිබුන ගේ ලඟින් දවස් දෙක තුනක්, දවසට දෙතුන් වතාවක් ගියේ.”

“ශයියෝ, මේක නම් අසූචිම කේස් එකක්. හරි හරි, රාජ පොලිස් පුරුශය, ඔය වඩුගොඩපිටිය හන්දියෙ රත්තරං බඩු කඩේ ඉන්න උඩකරනං චෙට්ටියාර් කුදලං වර.”

අනේ ඉතින් රාජ පොලෝසිය චෙට්ටියාර්ව කුදලං ආව. 

“එම්බා උඩකරනං, උඹේ ප්‍රමාද වැඩ නිසා සිරික්කි නෝන දවස් දෙකතුනක්, දවසට දෙතුන් වතාවක් ගහේ බන්ඩාරයෑ ගේ ලඟින් ගියා. ඒ දිහා බලාන හිටපු මකබාස්, වහලෙ ලෝ කොලිටියට හැදුව. ඒක නිසා වහලෙට නැගපු සන්දීපය වහලෙ කඩාන වැටිල ඩිසේබොල් වුනා. ඒකට දඬුවම විදියට, තෝව මගේ මගුල් ඇතා ලවා පාගා මරණව. තොට නිදහසට යමක් කියන්න තියෙයි?

අනේ ඉතින් උඩකරනං චෙට්ටියාර් දහඅතේ කල්පනා කොරා කැකිල්ලෙ නීතිය නවන්න විදියක්. ඒක් ඉතින් නීති උපදෙසක්වත් ගන්න කෙනෙක් නොහිටපු නිසා කිසිම දෙයක් ඔලුවට ආවෙ නෑ. ඒත් ඉතින් උඩකරනංගෙ අයි කිවු එක හොඳයි. ඌ බැලුව නීති තර්ක දානවට වඩා කැකිල්ලෙ සෑර් රජ්ජුරුවන්නෙ ඊගො එකට ඇඩ්‍රස් කොරන්න.

“පස්වාන් දාසකට කුණු අදින්න කැකිල්ලෙ සෑර්වහන්ස, මගේ නිදහසට කරුනු කියනවට වඩා, ඔබ වහන්සේගේ කීරිති නාමය වෙනුවෙන් යමක් කියන්න අවසර. ඔබ තුමෑ මගුල් ඇත් රාජයා ලවා මං වගේ කල්ලතෝනි කෙසඟ පරානයක් පාගා මැරුවොත්, රට්ටු මොනව කියයිද? අර තේජවත් කැකිල්ලෙ රජතුමාගේ ශ්‍රී මගුල් ඇත් රාජයා ලව පෑගී මැරෙන්න, මං වගේ ඇට කෝටුවෙකුට වටීද? මගේ ඇටකටු ඇනී ඇත් රාජයාගේ රන්වන් කකුල් වලට තුවාල සිදුවුනොත් මොන තරම් අපරාදයක්ද? ඒ නිසා මට කමා කරනු මැනවි සෑර් වහන්ස.”

“තෝ කියන කතාව සම්පූර්න ඇත්ත. ඒත් ඉතින් මේ සන්දීපය ඩිසේබොල් වෙච්ච එකට දඬුවමක් දෙන්න එපැයි. ඒකට මොකෑ කොරන්නෙ?”

“පස්වාන් දාසකට වෝකින් ට්‍රැක් වල ගඩොල් අල්ලන්න සෑර් වහන්ස,  මං වගේ කල්ලතෝනි කෙසඟ පරානයක් මගුල් ඇතා ලවා පාගා මරනවාට වඩා, හොඳ පුශ්ටිමත් ජවසම්පන්න හෙල පුරුසයෙක් මගුල් ඇතා ලවා පාගවනවානම් කොතරම් අගේද? අර මගේ කඩේට එහායින් තියෙන ලී මඩුවෙ ලී පාට කරන හාදයා ඕකට කියාපු බඩුව. කලින් රජකරපු ශ්‍රී සේන රජ්ජුරුවන්නෙ රාජ සභාවෙත් එයා හිටපු ඇමති කෙනෙක්නෙ.”

“හා හා, රාජ පොලිස් පුරුශය, වහාම ලී පාට කරන හාදයා කුදලාන වර.”

මේ කැකිල්ලෙ උසාවියෙ, කැකිල්ලෙ කේස් එකෙන්, ලී පාට කරන හාදය ගැලවෙන්නෙ කොහොමද කියල ඊලඟ සැරේ බලමු.

ප.ලි.
නීති විරෝදී අදි බල මෝටර් සයිකලයක් බීමත්ව නීති විරෝදී අදික වේගයෙන් පදවල, හෙමින් ගමන් කරපු ආන්ඩුවෙ වාහනේක පිටිපස්සෙ හප්පල, බයිසිකලේ පදවපු තරුණය ආබාදිත වුන එකට, ඒ වාහනේවත් නොහිටපු බවට පොලිස් පරීක්ශන වලින් ඔප්පු වුන, පාටලී චම්පික රණවක මහත්තය අතඩංගුවට ගත්ත එකට මේකේ කිසිම සම්බන්දයක් නෑ හොඳඳ.



Comments

Total Pageviews

Popular posts from this blog

පස් මහ බැලුම් බලා ඉපදුනා කියා සිතන මිනිස්සු

අපි දන්නවා, වෙනත් රටවල වගේම, ලංකාවෙත් හුඟක් දෙනෙක්, මේක තමන්ගේ රට, මේක තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම කියල ආඩම්බර වෙනවා, වාද විවාද කරනවා, රණ්ඩු වෙනවා, යුද්දත් කරනවා. එකනේ ඔය සිංහලේ කියල ස්ටිකර් අලවාගෙන ඉන්නේ. හැබැයි මට මේක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි පොඩිකාලෙ ඉස්කෝලෙදියි, දහම් පාසැලේදීයි අහල තියෙනව, බෝධිසත්වයෝ, සිද්ධාර්ථ කුමාරයා විදිහට උපදින්න ඉස්සෙල්ල, පස්මහ බැලුම් බැලුව කියල. ඒකියන්නේ, කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව කියන දේවල් තෝරාගෙන තමයි ඉපදුනේ කියල. ඉතින් සිද්දාර්ථ කුමාරයට නම් පුළුවන් මේක තනම්ගේ දේශය, තමන්ගේ කුලය කියල අනික් අය එක්ක රණ්ඩු සරුවල් කරන්න. හැබැයි, මේ අපි වගේ පෘතග්ජනයන් නම් ඔය පස්මහ බැලුම් බලල උපදිනවා කියල මම නම් අහල නෑ. මම නම් ලංකාවේ සිංහල පවුලක උපදින්න කියල තෝරාගත්තේ නෑ. ජාතිය කියන එක මට අහම්බෙන් ලැබුන. ජාතිය කියන එක කාටවත් තෝරාගන්න බෑ. ඒක කාටත් නිකන්, එහෙම නැත්නම් අහඹු විදියට ලැබෙනවා. ආගම කියන එක නම් අපිට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මට මුණගැහුණු අයගෙන් සියයට අනුනවයකටත් වඩා ආගම කියල අදහන්නේ තමන්ගේ දෙමවුපියන්ගේ ආගම. එකියන්නේ, ආගමත් අර ජාතිය වගේ අපි කාටත් නිකන්, අහඹු ව

මොණරු, කොක්කු සහ විශ්වාස භංගෙ

පහුගිය සුමානේ මම ගෙදර එනකොට අපේ ගේ ඉස්සරක එක ජල්බරියයි. අල්ලපු ගෙදර විල්සන් අංකල්, උඩහ පාරේ ලසන්තයි, තව කොල්ලෝ දෙතුන් දෙනෙකුත් එක්ක පැටලෙනවා. "යකෝ, පැරදුනා නෙවෙයි යකෝ, මුන් ඔක්කොම මොණර කොළ වලට විකිණුනා" කියල ඔන්න විල්සන් අන්කල් කෑගහනවා. මොකක්ද මේ වෙන්නේ කියල හිතාගන්න බැරුව මම බලාගෙන ඉන්නවා දැකපු පහලගෙදර ලොක්කයිය මගේ පිටට තට්ටුවක් දාල අහපි, "මොකෝ මල්ලි ෆුල් හොල්මනයිස් වෙලා වගේ" කියල. "මොකද ලොක්කයියෙ, ආයිත් සැරයක් මැච් ෆික්සිං කේස් එකක් වත්ද මේ විල්සන් අන්කල් ෆෝම් වෙලා තියෙන්නෙ? මොනාද අයියෙ මේ මොණර කොල වගයක් ගැන කි‍යන්නෙ?" "නෑ නෑ බන්, මැච් එකක් නෙවෙයි, අර විස්සාසබන්ගෙ, විස්සාසබන්ගෙ. මේ විල්සන් අංකල්ල කියනවනෙ රනිල් මහත්තය ඒක ගොඩ දාගත්තෙ මන්ත්‍රීලට සල්ලි දීල කියල. දැන් සල්ලි කොලවලට කියන අලුත්ම වචනෙ තමයි මොණර කොල." "හා හා, වෙන්නත් බැරි නෑ නේද අයියෙ, මොකෝ ඔය දියවන්නාවෙ ඔක්කොම සිද්ද වෙන්නෙ එහෙමනෙ. අර එක කාලයක් කස්ටියම දෑත් ශක්තිමත් කරන්න කියල ගියේ." "අන්න උඹට තේරුනා. හැබැයි, මෙදා පාර ඕක ටිකක කොම්ප්ලිකේටඩ්. සාමාන්‍යයෙන්, ඔය මොණ