Skip to main content

Posts

Showing posts from April, 2018

පස් මහ බැලුම් බලා ඉපදුනා කියා සිතන මිනිස්සු

අපි දන්නවා, වෙනත් රටවල වගේම, ලංකාවෙත් හුඟක් දෙනෙක්, මේක තමන්ගේ රට, මේක තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම කියල ආඩම්බර වෙනවා, වාද විවාද කරනවා, රණ්ඩු වෙනවා, යුද්දත් කරනවා. එකනේ ඔය සිංහලේ කියල ස්ටිකර් අලවාගෙන ඉන්නේ. හැබැයි මට මේක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි පොඩිකාලෙ ඉස්කෝලෙදියි, දහම් පාසැලේදීයි අහල තියෙනව, බෝධිසත්වයෝ, සිද්ධාර්ථ කුමාරයා විදිහට උපදින්න ඉස්සෙල්ල, පස්මහ බැලුම් බැලුව කියල. ඒකියන්නේ, කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව කියන දේවල් තෝරාගෙන තමයි ඉපදුනේ කියල. ඉතින් සිද්දාර්ථ කුමාරයට නම් පුළුවන් මේක තනම්ගේ දේශය, තමන්ගේ කුලය කියල අනික් අය එක්ක රණ්ඩු සරුවල් කරන්න. හැබැයි, මේ අපි වගේ පෘතග්ජනයන් නම් ඔය පස්මහ බැලුම් බලල උපදිනවා කියල මම නම් අහල නෑ. මම නම් ලංකාවේ සිංහල පවුලක උපදින්න කියල තෝරාගත්තේ නෑ. ජාතිය කියන එක මට අහම්බෙන් ලැබුන. ජාතිය කියන එක කාටවත් තෝරාගන්න බෑ. ඒක කාටත් නිකන්, එහෙම නැත්නම් අහඹු විදියට ලැබෙනවා. ආගම කියන එක නම් අපිට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මට මුණගැහුණු අයගෙන් සියයට අනුනවයකටත් වඩා ආගම කියල අදහන්නේ තමන්ගේ දෙමවුපියන්ගේ ආගම. එකියන්නේ, ආගමත් අර ජාතිය වගේ අපි කාටත් නිකන්, අහඹු ව

මීලඟ රාජපාක්ශික අපේක්ශක ගෝටාභය නොවනේ ඇයි

කාලෙක ඉඳලම 2020 ජනාධිපති වරනෙට ගෝටා ඉදිරිපත්වන බවට නොයෙක් දෙනා කියනව ඇහුන. මෙජර් අජිත් ප්‍රසන්න කියන කෙනාත් මේ බව නොකියා කියනව යූටියුබ් එකේ තියෙනව. උඩහපාරෙ ලසන්තය ඔරොප්පු කරහම අල්ලපුගෙදර විල්සන් අංකලුත් කියන්නෙ, "ආ බලාගෙන හිටපං, ලබනසැරේ ගෝටාභය මහත්තය ජනාධිපති වුනහම උඹලට හැංගෙන්න බිත්තර කට්ටක් හොයාගන්න වෙයි" කියල. ඔය බිත්තර කටුවල හැංගෙන කතාව මට තවම තේරෙන්නෙ නෑ. හැබැයි ඔය කතාව අහපු ගමන් ලසන්තය සරෙන්ඩර් වෙලා දිරාමාර්වෙනව. මම ඉස්සෙල්ල හිතුවෙ ඌ බිත්තර වලට ඇලජික් කියල. හැබැයි දැන් මට හිතෙන්නෙ ඌ කොච්චර පොර ටෝක්ස් දුන්නත් ගෝටට ගූ බයයි. දැන් විල්සන් අංකලුත්, බේරෙන්න බැරිම තැන ගෝට තුරුම්පුව ගහල තමයි ලසන්තයව දමනය කරන්නෙ. දවසක් මම පහලගෙදර ලොක්කයිය එක්ක කතාවක් දාගෙන ඉන්නවෙලාවෙ ලසන්තයත් කඩාවාත්වුනා. මමත් ඉතින් කින්ඩියට "ඕං ලසා, ගෝට සුදු වෑන් එකක නැගල උඩහට ගියා. ඒකෙ පිටිපස්සෙ ගෝට විස්සයි විස්ස ඩොට් කොම් කියල ගහල තිබුන" කියල කිවුව. ලසාගෙ ඇඹරිච්ච මූන දැකපු ලොක්කයිය "උඹ බය නොවී හිටහං, විස්සයි විස්සෙ ගෝට නෙවෙයි" කියල කිවුව. මේ කතාවෙන් මම විතරක් නෙවෙයි ලසන්තයත් ෆුල් හොල්මනියි

මොණරු, කොක්කු සහ විශ්වාස භංගෙ

පහුගිය සුමානේ මම ගෙදර එනකොට අපේ ගේ ඉස්සරක එක ජල්බරියයි. අල්ලපු ගෙදර විල්සන් අංකල්, උඩහ පාරේ ලසන්තයි, තව කොල්ලෝ දෙතුන් දෙනෙකුත් එක්ක පැටලෙනවා. "යකෝ, පැරදුනා නෙවෙයි යකෝ, මුන් ඔක්කොම මොණර කොළ වලට විකිණුනා" කියල ඔන්න විල්සන් අන්කල් කෑගහනවා. මොකක්ද මේ වෙන්නේ කියල හිතාගන්න බැරුව මම බලාගෙන ඉන්නවා දැකපු පහලගෙදර ලොක්කයිය මගේ පිටට තට්ටුවක් දාල අහපි, "මොකෝ මල්ලි ෆුල් හොල්මනයිස් වෙලා වගේ" කියල. "මොකද ලොක්කයියෙ, ආයිත් සැරයක් මැච් ෆික්සිං කේස් එකක් වත්ද මේ විල්සන් අන්කල් ෆෝම් වෙලා තියෙන්නෙ? මොනාද අයියෙ මේ මොණර කොල වගයක් ගැන කි‍යන්නෙ?" "නෑ නෑ බන්, මැච් එකක් නෙවෙයි, අර විස්සාසබන්ගෙ, විස්සාසබන්ගෙ. මේ විල්සන් අංකල්ල කියනවනෙ රනිල් මහත්තය ඒක ගොඩ දාගත්තෙ මන්ත්‍රීලට සල්ලි දීල කියල. දැන් සල්ලි කොලවලට කියන අලුත්ම වචනෙ තමයි මොණර කොල." "හා හා, වෙන්නත් බැරි නෑ නේද අයියෙ, මොකෝ ඔය දියවන්නාවෙ ඔක්කොම සිද්ද වෙන්නෙ එහෙමනෙ. අර එක කාලයක් කස්ටියම දෑත් ශක්තිමත් කරන්න කියල ගියේ." "අන්න උඹට තේරුනා. හැබැයි, මෙදා පාර ඕක ටිකක කොම්ප්ලිකේටඩ්. සාමාන්‍යයෙන්, ඔය මොණ

Total Pageviews