අනේ ඉතින් ශ්‍රී සේන හෙවත් අන්තිම සේන රජතුමා පැන්සොං ගිහින්, කැකිල්ලේ කුමාරය රජවෙලා මාසයක් ගියේ නෑ, උදේ පාන්දරම රජ වාසලේ ගේට්ටුව ඉස්සරහ කවුදෝ ඩිසේබොල්ඩ් හාදයෙක් හොරගල් අහුලනව. මේක දැකපු රෝයල් ගාඩ් තෙම්ක් ගේට්ටුවේ කූරු අස්සෙන්ම උගේ ඇඟට කඩා පැනපි. “ඈ බොල ජෝතිපාලයො, තොපි දන්නව නේද කැකිල්ලෙ සෑර් කියන විදිහට වැඩ කොරන්න ඕනෙ කියල. කැකිල්ලෙ සෑර් කිවුව නේද ඔය උපවාසෙ නවත්තල, අපි වෙනුවෙන් තොපි අරමුදලෙන් හදල, මාසෙ පඩියෙන් බාගෙකට තොපිට කුලියට දුන්නු ගෙවල් වලට ආපහු පල කියල. කැකිල්ලෙ සෑර් රජ වුනාට පස්සෙත් මෙතන ටැක් ගැහෙන්නෙ, තෝ හදන්නෙ ආන්ඩුව අපහසුතාවෙට පත් කරල, අර දූශනය වෙච්ච අම්මන්ඩි වගේ හිරේ ලගින්නද? දන්නවනෙ, දැන් තියෙන්නෙ ශ්‍රී සේනයගෙ හාල් පාරු ආන්ඩුව නෙවෙයි … කැකිල්ලෙ රජ්ජුරුවන්නෙ කොන්ද කෙලින් තියෙන ආන්ඩුව . හරිය ?… කන්න බොන්න පඩිය මදිනම් , බඩ පිරෙනකන් තාප්ප වල පින්තූර ඇඳපන්. ” රෝයල් ගාඩ්ගෙ ඇම්බුශ් එකෙන් පුක්ස් මැකිස් වෙලා වාරු නැතුව බිමට පතබෑවෙච්ච ඩිසේබොල්ඩ් හාදය , “ අනේ නෑ සෑර්, මම රණවිරුවෙක් නෙවෙයි, මේ කැකිල්ලෙ රජතුමාට කොම්ප්ලේන් එකක් කොරන්න ආවෙ” කියල කියාපි...