Skip to main content

මීලඟ රාජපාක්ශික අපේක්ශක ගෝටාභය නොවනේ ඇයි

කාලෙක ඉඳලම 2020 ජනාධිපති වරනෙට ගෝටා ඉදිරිපත්වන බවට නොයෙක් දෙනා කියනව ඇහුන. මෙජර් අජිත් ප්‍රසන්න කියන කෙනාත් මේ බව නොකියා කියනව යූටියුබ් එකේ තියෙනව. උඩහපාරෙ ලසන්තය ඔරොප්පු කරහම අල්ලපුගෙදර විල්සන් අංකලුත් කියන්නෙ, "ආ බලාගෙන හිටපං, ලබනසැරේ ගෝටාභය මහත්තය ජනාධිපති වුනහම උඹලට හැංගෙන්න බිත්තර කට්ටක් හොයාගන්න වෙයි" කියල. ඔය බිත්තර කටුවල හැංගෙන කතාව මට තවම තේරෙන්නෙ නෑ. හැබැයි ඔය කතාව අහපු ගමන් ලසන්තය සරෙන්ඩර් වෙලා දිරාමාර්වෙනව. මම ඉස්සෙල්ල හිතුවෙ ඌ බිත්තර වලට ඇලජික් කියල. හැබැයි දැන් මට හිතෙන්නෙ ඌ කොච්චර පොර ටෝක්ස් දුන්නත් ගෝටට ගූ බයයි. දැන් විල්සන් අංකලුත්, බේරෙන්න බැරිම තැන ගෝට තුරුම්පුව ගහල තමයි ලසන්තයව දමනය කරන්නෙ. දවසක් මම පහලගෙදර ලොක්කයිය එක්ක කතාවක් දාගෙන ඉන්නවෙලාවෙ ලසන්තයත් කඩාවාත්වුනා. මමත් ඉතින් කින්ඩියට "ඕං ලසා, ගෝට සුදු වෑන් එකක නැගල උඩහට ගියා. ඒකෙ පිටිපස්සෙ ගෝට විස්සයි විස්ස ඩොට් කොම් කියල ගහල තිබුන" කියල කිවුව. ලසාගෙ ඇඹරිච්ච මූන දැකපු ලොක්කයිය "උඹ බය නොවී හිටහං, විස්සයි විස්සෙ ගෝට නෙවෙයි" කියල කිවුව. මේ කතාවෙන් මම විතරක් නෙවෙයි ලසන්තයත් ෆුල් හොල්මනියිස් වුනා. "මොකෑ අයියෙ ඒ කතාවෙ තේරුම" කියල ලසන්තය ඇහුවෙ පොඩි කෝචෝක් හිනාවකුත් දාල. "මහින්ද ලොක්කට ආයි ඉල්ලන්න බෑනෙ. ඉතින් ගෝට නොඉල්ලන්නෙ, යහ පාලනේ එයාව බෝඩිමටවත් යවන්න ප්ලෑන් කරනවද?" මේක අහපු ලොක්කයිය කට ඇදකරල "යහපාලනේ මොන මලඉලවුවක් කරන්න යනවද කියල මම දන්නෙන් නෑ. උන් ඔක්කොම බෝඩිමට යවනවනම් යවන්න තිබුනෙ ගොඩාක් ඉස්සර. මම කිවුවෙ ඒක නෙවෙයි. මගේ තියරිය නම් ගෝටට රාජපක්ශෙන් ජනාධිපතිවරනෙට නොමිනේශන් දෙනව කියන්නෙ මහින්ද ලොක්ක තමන්ගෙ පුත්‍ර රත්නය ජනාධිපති කරවන අදහස අතාරින්න ඕනෙ. ඒ කියන්නෙ ගෝට ජනාධිපති වුනොත් එයාගෙන් පස්සෙ ආයි නාමල් බේබිට ඔය බිබික්කම, ඒ කියන්න ජනාධිපති ධූරය ලබාදෙනව බොරු. ගෝට පුලුවන්තරම් කල් බිබික්කම රසවිඳල, ධූර කාල හත අටක්, ඒක ඊට පස්සෙ එයාගෙ ළමයෙකුට දෙන්න ට්‍රයිකරයි. ඕක මහින්ද ලොක්ක හොඳට දන්නව. මොකෝ එයාගෙ මලයනෙ. ඒ විතරක් නෙවෙයි, එයා දන්නව එයාගෙ මලය එයාටත් වඩා දරුණු ආඥාදායකයෙක් කියල. තමන්ගෙ මලය බිබික්කම ගත්තොත් විරුද්ද වාදීන්ට අබ කොහොමවෙතත්, සුදුවෑන් සරණ බව එයා දන්නව. හුඟක් ඒකාදිපතියො, ඒ කියන්නෙ ස්ටාලින්, හිට්ලර්, සදාම් හුසේන් වගේ අය ඉස්සෙල්ලම ගේම දෙන්න තමන්ට කෙලවයි කියල හිතන තමන්ගෙ ලඟින්ම ඉන්න සෙට් එකට. ඉතින් මලය ඉස්සෙල්ලම සුදු වෑන් වලින් වඩම්මල කලුකුඩුබස්නෙ දෙන්නෙ බේබිල තුන්දෙනාට කියල ලොක්කට තේරෙනව. අන්න ඒකයි මම කියන්නෙ මිහින්තුමා කාටදුන්නත් මලයටනම් බිබික්කම ගන්න දෙන්නෙ නෑ කියල."

ඔන්න ඔහොමයි අපේ ලොක්කයිය විස්සයි විස්සෙ ප්‍රෙඩික්ශන් එක දුන්නෙ. මටත් හිතෙනව ඒක හරි කියල. මොකෝ මොන තාත්තද තමන්ගෙ ළමයි අකාලයේ යටියන්තොට යවන්න කැමති, නැද්ද මං අහන්නෙ?

Comments

Total Pageviews

Popular posts from this blog

කිං කැකිල්ලේ ගේ නීති​ය

අනේ ඉතින් ශ්‍රී සේන හෙවත් අන්තිම සේන රජතුමා පැන්සොං ගිහින්, කැකිල්ලේ කුමාරය රජවෙලා මාසයක් ගියේ නෑ, උදේ පාන්දරම රජ වාසලේ ගේට්ටුව ඉස්සරහ කවුදෝ ඩිසේබොල්ඩ් හාදයෙක් හොරගල් අහුලනව. මේක දැකපු රෝයල් ගාඩ් තෙම්ක් ගේට්ටුවේ කූරු අස්සෙන්ම උගේ ඇඟට කඩා පැනපි. “ඈ බොල ජෝතිපාලයො, තොපි දන්නව නේද කැකිල්ලෙ සෑර් කියන විදිහට වැඩ කොරන්න ඕනෙ කියල. කැකිල්ලෙ සෑර් කිවුව නේද ඔය උපවාසෙ නවත්තල, අපි වෙනුවෙන් තොපි අරමුදලෙන් හදල, මාසෙ පඩියෙන් බාගෙකට තොපිට කුලියට දුන්නු ගෙවල් වලට ආපහු පල කියල. කැකිල්ලෙ සෑර් රජ වුනාට පස්සෙත් මෙතන ටැක් ගැහෙන්නෙ, තෝ හදන්නෙ ආන්ඩුව අපහසුතාවෙට පත් කරල, අර දූශනය වෙච්ච අම්මන්ඩි වගේ හිරේ ලගින්නද? දන්නවනෙ, දැන් තියෙන්නෙ ශ්‍රී සේනයගෙ හාල් පාරු ආන්ඩුව නෙවෙයි … කැකිල්ලෙ රජ්ජුරුවන්නෙ කොන්ද කෙලින් තියෙන ආන්ඩුව . හරිය ?… කන්න බොන්න පඩිය මදිනම් , බඩ පිරෙනකන් තාප්ප වල පින්තූර ඇඳපන්. ” රෝයල් ගාඩ්ගෙ ඇම්බුශ් එකෙන් පුක්ස් මැකිස් වෙලා වාරු නැතුව බිමට පතබෑවෙච්ච ඩිසේබොල්ඩ් හාදය , “ අනේ නෑ සෑර්, මම රණවිරුවෙක් නෙවෙයි, මේ කැකිල්ලෙ රජතුමාට කොම්ප්ලේන් එකක් කොරන්න ආවෙ” කියල කියාපි

පස් මහ බැලුම් බලා ඉපදුනා කියා සිතන මිනිස්සු

අපි දන්නවා, වෙනත් රටවල වගේම, ලංකාවෙත් හුඟක් දෙනෙක්, මේක තමන්ගේ රට, මේක තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම කියල ආඩම්බර වෙනවා, වාද විවාද කරනවා, රණ්ඩු වෙනවා, යුද්දත් කරනවා. එකනේ ඔය සිංහලේ කියල ස්ටිකර් අලවාගෙන ඉන්නේ. හැබැයි මට මේක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි පොඩිකාලෙ ඉස්කෝලෙදියි, දහම් පාසැලේදීයි අහල තියෙනව, බෝධිසත්වයෝ, සිද්ධාර්ථ කුමාරයා විදිහට උපදින්න ඉස්සෙල්ල, පස්මහ බැලුම් බැලුව කියල. ඒකියන්නේ, කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව කියන දේවල් තෝරාගෙන තමයි ඉපදුනේ කියල. ඉතින් සිද්දාර්ථ කුමාරයට නම් පුළුවන් මේක තනම්ගේ දේශය, තමන්ගේ කුලය කියල අනික් අය එක්ක රණ්ඩු සරුවල් කරන්න. හැබැයි, මේ අපි වගේ පෘතග්ජනයන් නම් ඔය පස්මහ බැලුම් බලල උපදිනවා කියල මම නම් අහල නෑ. මම නම් ලංකාවේ සිංහල පවුලක උපදින්න කියල තෝරාගත්තේ නෑ. ජාතිය කියන එක මට අහම්බෙන් ලැබුන. ජාතිය කියන එක කාටවත් තෝරාගන්න බෑ. ඒක කාටත් නිකන්, එහෙම නැත්නම් අහඹු විදියට ලැබෙනවා. ආගම කියන එක නම් අපිට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මට මුණගැහුණු අයගෙන් සියයට අනුනවයකටත් වඩා ආගම කියල අදහන්නේ තමන්ගේ දෙමවුපියන්ගේ ආගම. එකියන්නේ, ආගමත් අර ජාතිය වගේ අපි කාටත් නිකන්, අහඹු ව

මොණරු, කොක්කු සහ විශ්වාස භංගෙ

පහුගිය සුමානේ මම ගෙදර එනකොට අපේ ගේ ඉස්සරක එක ජල්බරියයි. අල්ලපු ගෙදර විල්සන් අංකල්, උඩහ පාරේ ලසන්තයි, තව කොල්ලෝ දෙතුන් දෙනෙකුත් එක්ක පැටලෙනවා. "යකෝ, පැරදුනා නෙවෙයි යකෝ, මුන් ඔක්කොම මොණර කොළ වලට විකිණුනා" කියල ඔන්න විල්සන් අන්කල් කෑගහනවා. මොකක්ද මේ වෙන්නේ කියල හිතාගන්න බැරුව මම බලාගෙන ඉන්නවා දැකපු පහලගෙදර ලොක්කයිය මගේ පිටට තට්ටුවක් දාල අහපි, "මොකෝ මල්ලි ෆුල් හොල්මනයිස් වෙලා වගේ" කියල. "මොකද ලොක්කයියෙ, ආයිත් සැරයක් මැච් ෆික්සිං කේස් එකක් වත්ද මේ විල්සන් අන්කල් ෆෝම් වෙලා තියෙන්නෙ? මොනාද අයියෙ මේ මොණර කොල වගයක් ගැන කි‍යන්නෙ?" "නෑ නෑ බන්, මැච් එකක් නෙවෙයි, අර විස්සාසබන්ගෙ, විස්සාසබන්ගෙ. මේ විල්සන් අංකල්ල කියනවනෙ රනිල් මහත්තය ඒක ගොඩ දාගත්තෙ මන්ත්‍රීලට සල්ලි දීල කියල. දැන් සල්ලි කොලවලට කියන අලුත්ම වචනෙ තමයි මොණර කොල." "හා හා, වෙන්නත් බැරි නෑ නේද අයියෙ, මොකෝ ඔය දියවන්නාවෙ ඔක්කොම සිද්ද වෙන්නෙ එහෙමනෙ. අර එක කාලයක් කස්ටියම දෑත් ශක්තිමත් කරන්න කියල ගියේ." "අන්න උඹට තේරුනා. හැබැයි, මෙදා පාර ඕක ටිකක කොම්ප්ලිකේටඩ්. සාමාන්‍යයෙන්, ඔය මොණ