Skip to main content

පස් මහ බැලුම් බලා ඉපදුනා කියා සිතන මිනිස්සු

අපි දන්නවා, වෙනත් රටවල වගේම, ලංකාවෙත් හුඟක් දෙනෙක්, මේක තමන්ගේ රට, මේක තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම කියල ආඩම්බර වෙනවා, වාද විවාද කරනවා, රණ්ඩු වෙනවා, යුද්දත් කරනවා. එකනේ ඔය සිංහලේ කියල ස්ටිකර් අලවාගෙන ඉන්නේ. හැබැයි මට මේක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි පොඩිකාලෙ ඉස්කෝලෙදියි, දහම් පාසැලේදීයි අහල තියෙනව, බෝධිසත්වයෝ, සිද්ධාර්ථ කුමාරයා විදිහට උපදින්න ඉස්සෙල්ල, පස්මහ බැලුම් බැලුව කියල. ඒකියන්නේ, කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව කියන දේවල් තෝරාගෙන තමයි ඉපදුනේ කියල. ඉතින් සිද්දාර්ථ කුමාරයට නම් පුළුවන් මේක තනම්ගේ දේශය, තමන්ගේ කුලය කියල අනික් අය එක්ක රණ්ඩු සරුවල් කරන්න. හැබැයි, මේ අපි වගේ පෘතග්ජනයන් නම් ඔය පස්මහ බැලුම් බලල උපදිනවා කියල මම නම් අහල නෑ. මම නම් ලංකාවේ සිංහල පවුලක උපදින්න කියල තෝරාගත්තේ නෑ. ජාතිය කියන එක මට අහම්බෙන් ලැබුන. ජාතිය කියන එක කාටවත් තෝරාගන්න බෑ. ඒක කාටත් නිකන්, එහෙම නැත්නම් අහඹු විදියට ලැබෙනවා. ආගම කියන එක නම් අපිට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මට මුණගැහුණු අයගෙන් සියයට අනුනවයකටත් වඩා ආගම කියල අදහන්නේ තමන්ගේ දෙමවුපියන්ගේ ආගම. එකියන්නේ, ආගමත් අර ජාතිය වගේ අපි කාටත් නිකන්, අහඹු විදිහට ලැබුන දෙයක්. හැබැයි, අපි හුඟ දෙනෙක්, මේ අපිට අහඹු විදිහට ලැබුණු ජාතියයි ආගමයි බදාගෙන, ඒක මත්තේ නහිනවා. ලංකාවේ විතරක් නෙවෙයි, ඔය අනික් රටවලත් ජාතිවාදීන් කරන්නේ ඔය දේ තමයි.

ඔය අතරට රට කියන එකත් සෙට් වෙනවා. හැබැයි අපි කවුරුවත්, අපි ඉපදුන රට තෝරාගෙන ඉපදුනේ නෑ. හැබැයි අපි ජිවත්වෙන්නේ මොන රටේද කියන එක අපිට තෝරාගන්න පුළුවන්. එක නිසා තමයි සමහරු බෝට්ටු වලින් හරි පැනල යන්නේ වෙන රටවලට. සමහරු වෙනරටවලට ගිහින්, ලංකාවේ හිටියට වඩා හොඳ ජිවිත ගතකරනවා. හොඳ රස්සාවල් කරනවා. ඒ රටේ පුරවැසිකමත් ගන්නවා. හැබැයි, ඒ තමන් ජිවත් වන රටත් එක්ක ලංකාව ක්‍රිකට් මැච් එකක් ගැහුවොත්, ලංකාවේ කොඩිය අරගෙන, මැච් එක බලනගමන් ලංකාවට චියර් කරනවා. ඒ කියන්නේ, තමන් තෝරගත්ත දේට පිටුපාල, තමන්ට නිකන් ලැබුනදේට සපෝට් කරනවා. උදාහරණයක් විදියට මේ වීඩියෝ එකේ තියෙන්නේ ලංකාවේ ඉපදිලා ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන්න තීරණය කරපු පිරිසක්, ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තිබුන ක්‍රිකට් මැච් එකක් බලල ගෙදර යනගමන් විනොදවන ආකාරය.


මේකේ කිසි වරදක් නෑ. හැබැයි මට මේකේ ලොජික් එක පිලිඹඳ ප්‍රශ්නයක් තියෙනවා. වරදක් නෙවෙයි ප්‍රශ්නයක්. මේ අය ලංකාව අතැරලා ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන්න තීරණය කරපු අය. හැබැයි, මේ අය ඇඳන් ඉන්න ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ටීම් එකේ පාට නෙවෙයි. ලංකාවේ ටීම් එකේ පාට. සපෝට් කරන්නේ ඕස්ට්‍රේලියාවේ ටීම් එකට නෙවෙයි. ලංකාවේ ටීම් එකට. තමන්ගේ තේරීමට පිටුපාල, ජන්මෙට චියර් කරනවා.

මම හිතන්නේ, මේ තමන්ට නිකන් ලැබුන රට, ජාතිය, ආගම බදාගෙන, (සමහරවිට තමන්ම තෝරගත්තු රටටත් පිටුපාල) ඒක මත්තේ නහින්නේ, මිනිස්සු දියණු වෙන්න කලින්, එකියන්නේ, සතුන් වශයෙන් කණ්ඩායමක් විදිහට හිටපු කාලේ, තමන්ගේ ආරක්ෂාවට, තමන්ගේ කණ්ඩායමට ඇතිකරගත්තු ලැදියාව, හෙවත් ලොයලිටි එක නිසා කියල. පසුකලෙක ගෝත්‍රික සමාජයේ, තමන්ගේ ගෝත්‍රයට ප්‍රශ්නකිරීමෙන් තොර පක්ෂපතිවෙන්න මිනිස්සු පුරුදු වෙන්න ඇති. ඒක තමන්ගේ පැවැත්මට, ආරක්ෂාවට වෙන්න පුළුවන්. මේ නිසා තමයි, දැනුත් ඔය නැෂනලිසම් කියල දෙයක් තියෙන්නේ. ලංකාවේ හෙළ උරුමය වගේ දේශපාලන කණ්ඩායම් කෙරන්නෙතේ ඒක. එල්ටීටීඊ එක කරෙත් ඒ දේ තමයි. අර අවුරුදු පහක ළමයෙක් ඇතුළු නිරායුද දෙමල මිනිස්සු හත් අටදෙනෙක් බෙල්ල කපල මරපු, උසාවියෙන් වරදකරු කරපු, සුනිල් රත්නායක කියන සෙබල වීරයෙක් කියල ෆේස්බුක් එකේ පොස්ට් දාන්නෙත් ඔය දේ නිසයි කියලයි මට හිතෙන්නේ. කොටින්ම කියනවනම්, මිනිස්සු වැඩි දෙනෙක්, සියලුම ලොජික් පැත්තක දාල, තමන්ට නිකන් ලැබුණු රට, ජාතිය, ආගම කියන තුන්කට්ටුවේ පැත්ත ගන්න පෙළඹෙනවා. ඒ කියන්නේ තමන්ගේ දියුණු මනසෙන් ප්‍රයෝජන ගන්නේ නැතුව, තමන්ගේ අතීතයෙන් එන සත්ව ගතිය ප්‍රදර්ශනය කරනවා. මම අහල තියනවා පරස්පර විරෝදී කියමන් දෙකක්. සමහරු කියනවා "ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි" කියල. වෙනත් අය කියනවා "පුරුද්දට වඩා ජන්මේ ලොකුයි" කියල. මට දැන් හිතෙනවා "සමහරුන්ට චින්තනේට වඩා ජන්මේ ලොකුයි" කියල. මොනවා වුනත්ස, ත්ව ගතිය අතහරින්න බැරිවීම මමනම් හිතන්නේ මහුෂ්‍ය සංහතියේම දියුණුවට බාදාවක්.

ප.ලි. ඔය සත්ව ගතියට බුද්දාගම හුඟක් වෙලාවට ගාවගන්නව. සිංහල බෞද්ධ කියන යුගල පදේ පාවිච්චිකරන්නේ එකනේ. ඒක ගැන පස්සේ සාකච්චා කරමු.

Comments

  1. තමන් ගිය ඉස්කෝලෙ, තමන්ගෙ ජාතිය, ආගම, රට උසස්ම කියන එක තර්කානුකූල නෑ අනිත් ඒවා අත්විඳල නැත්නම්. එකක් විතරක් දැනගෙන කොහොමද සංසන්දනය කරන්නෙ. තමන් ඒවා තෝරාගෙනත් නැත්නම්.

    ඕක, ලංකාවෙ එක කොටසකට අදාල නෑ. දේශපාලකයින්ට. ලංකාව වෙනරටවලට සාපේක්ෂව දේශපාලකයින්ට ඉතා ඉහලින් සලකනවා , බලය ධනය හා ඔපචුනිටීස් ආදී හැම පැත්තෙන්ම. වගකීම් වගවීම් ආදියත් ඉතා අඩුයි. අනිත් ජනතාවට එහෙම විශේෂ හොඳක් මේ රටෙන් ලැබෙන්නේ නෑ. ඉතින් දේශපාලකයින් මේරට හා සංස්කෘතිය හොඳම තමයි කියනකොට ඒක පිලිගන්න පුලුවන්

    ReplyDelete

Post a Comment

Total Pageviews

Popular posts from this blog

කිං කැකිල්ලේ ගේ නීති​ය

අනේ ඉතින් ශ්‍රී සේන හෙවත් අන්තිම සේන රජතුමා පැන්සොං ගිහින්, කැකිල්ලේ කුමාරය රජවෙලා මාසයක් ගියේ නෑ, උදේ පාන්දරම රජ වාසලේ ගේට්ටුව ඉස්සරහ කවුදෝ ඩිසේබොල්ඩ් හාදයෙක් හොරගල් අහුලනව. මේක දැකපු රෝයල් ගාඩ් තෙම්ක් ගේට්ටුවේ කූරු අස්සෙන්ම උගේ ඇඟට කඩා පැනපි. “ඈ බොල ජෝතිපාලයො, තොපි දන්නව නේද කැකිල්ලෙ සෑර් කියන විදිහට වැඩ කොරන්න ඕනෙ කියල. කැකිල්ලෙ සෑර් කිවුව නේද ඔය උපවාසෙ නවත්තල, අපි වෙනුවෙන් තොපි අරමුදලෙන් හදල, මාසෙ පඩියෙන් බාගෙකට තොපිට කුලියට දුන්නු ගෙවල් වලට ආපහු පල කියල. කැකිල්ලෙ සෑර් රජ වුනාට පස්සෙත් මෙතන ටැක් ගැහෙන්නෙ, තෝ හදන්නෙ ආන්ඩුව අපහසුතාවෙට පත් කරල, අර දූශනය වෙච්ච අම්මන්ඩි වගේ හිරේ ලගින්නද? දන්නවනෙ, දැන් තියෙන්නෙ ශ්‍රී සේනයගෙ හාල් පාරු ආන්ඩුව නෙවෙයි … කැකිල්ලෙ රජ්ජුරුවන්නෙ කොන්ද කෙලින් තියෙන ආන්ඩුව . හරිය ?… කන්න බොන්න පඩිය මදිනම් , බඩ පිරෙනකන් තාප්ප වල පින්තූර ඇඳපන්. ” රෝයල් ගාඩ්ගෙ ඇම්බුශ් එකෙන් පුක්ස් මැකිස් වෙලා වාරු නැතුව බිමට පතබෑවෙච්ච ඩිසේබොල්ඩ් හාදය , “ අනේ නෑ සෑර්, මම රණවිරුවෙක් නෙවෙයි, මේ කැකිල්ලෙ රජතුමාට කොම්ප්ලේන් එකක් කොරන්න ආවෙ” කියල කියාපි

මොණරු, කොක්කු සහ විශ්වාස භංගෙ

පහුගිය සුමානේ මම ගෙදර එනකොට අපේ ගේ ඉස්සරක එක ජල්බරියයි. අල්ලපු ගෙදර විල්සන් අංකල්, උඩහ පාරේ ලසන්තයි, තව කොල්ලෝ දෙතුන් දෙනෙකුත් එක්ක පැටලෙනවා. "යකෝ, පැරදුනා නෙවෙයි යකෝ, මුන් ඔක්කොම මොණර කොළ වලට විකිණුනා" කියල ඔන්න විල්සන් අන්කල් කෑගහනවා. මොකක්ද මේ වෙන්නේ කියල හිතාගන්න බැරුව මම බලාගෙන ඉන්නවා දැකපු පහලගෙදර ලොක්කයිය මගේ පිටට තට්ටුවක් දාල අහපි, "මොකෝ මල්ලි ෆුල් හොල්මනයිස් වෙලා වගේ" කියල. "මොකද ලොක්කයියෙ, ආයිත් සැරයක් මැච් ෆික්සිං කේස් එකක් වත්ද මේ විල්සන් අන්කල් ෆෝම් වෙලා තියෙන්නෙ? මොනාද අයියෙ මේ මොණර කොල වගයක් ගැන කි‍යන්නෙ?" "නෑ නෑ බන්, මැච් එකක් නෙවෙයි, අර විස්සාසබන්ගෙ, විස්සාසබන්ගෙ. මේ විල්සන් අංකල්ල කියනවනෙ රනිල් මහත්තය ඒක ගොඩ දාගත්තෙ මන්ත්‍රීලට සල්ලි දීල කියල. දැන් සල්ලි කොලවලට කියන අලුත්ම වචනෙ තමයි මොණර කොල." "හා හා, වෙන්නත් බැරි නෑ නේද අයියෙ, මොකෝ ඔය දියවන්නාවෙ ඔක්කොම සිද්ද වෙන්නෙ එහෙමනෙ. අර එක කාලයක් කස්ටියම දෑත් ශක්තිමත් කරන්න කියල ගියේ." "අන්න උඹට තේරුනා. හැබැයි, මෙදා පාර ඕක ටිකක කොම්ප්ලිකේටඩ්. සාමාන්‍යයෙන්, ඔය මොණ