Skip to main content

මොණරු, කොක්කු සහ විශ්වාස භංගෙ



පහුගිය සුමානේ මම ගෙදර එනකොට අපේ ගේ ඉස්සරක එක ජල්බරියයි. අල්ලපු ගෙදර විල්සන් අංකල්, උඩහ පාරේ ලසන්තයි, තව කොල්ලෝ දෙතුන් දෙනෙකුත් එක්ක පැටලෙනවා. "යකෝ, පැරදුනා නෙවෙයි යකෝ, මුන් ඔක්කොම මොණර කොළ වලට විකිණුනා" කියල ඔන්න විල්සන් අන්කල් කෑගහනවා. මොකක්ද මේ වෙන්නේ කියල හිතාගන්න බැරුව මම බලාගෙන ඉන්නවා දැකපු පහලගෙදර ලොක්කයිය මගේ පිටට තට්ටුවක් දාල අහපි, "මොකෝ මල්ලි ෆුල් හොල්මනයිස් වෙලා වගේ" කියල.
"මොකද ලොක්කයියෙ, ආයිත් සැරයක් මැච් ෆික්සිං කේස් එකක් වත්ද මේ විල්සන් අන්කල් ෆෝම් වෙලා තියෙන්නෙ? මොනාද අයියෙ මේ මොණර කොල වගයක් ගැන කි‍යන්නෙ?"
"නෑ නෑ බන්, මැච් එකක් නෙවෙයි, අර විස්සාසබන්ගෙ, විස්සාසබන්ගෙ. මේ විල්සන් අංකල්ල කියනවනෙ රනිල් මහත්තය ඒක ගොඩ දාගත්තෙ මන්ත්‍රීලට සල්ලි දීල කියල. දැන් සල්ලි කොලවලට කියන අලුත්ම වචනෙ තමයි මොණර කොල."
"හා හා, වෙන්නත් බැරි නෑ නේද අයියෙ, මොකෝ ඔය දියවන්නාවෙ ඔක්කොම සිද්ද වෙන්නෙ එහෙමනෙ. අර එක කාලයක් කස්ටියම දෑත් ශක්තිමත් කරන්න කියල ගියේ."
"අන්න උඹට තේරුනා. හැබැයි, මෙදා පාර ඕක ටිකක කොම්ප්ලිකේටඩ්. සාමාන්‍යයෙන්, ඔය මොණර කොල වලට එම්පීල බා ගන්න එක ටූ ස්ටෙප් ප්‍රොසෙස් එකක්. ඒ කියන්නෙ කැරට් ඇන්ඩ් ද ස්ටික්. පිටරට වල ඉස්සෙල්ල කැරට් දෙනව. ඒ කියන්නෙ යම්කිසි පගාවක් දෙනව. ඒක වැඩ නොකලොත්, ස්ටික්. ඒ කියන්නෙ තර්ජනය කරනව. හැබැයි අපේ මහින්ද මහත්තය ඕක එයාටම ආවේනික විදිහකට ඔය ප්‍රොසෙස් එක උඩු යටිකුරො කරල ප්‍රගුන ක‍රා. එයා ඉස්සෙල්ල ස්ටික් එක පෙන්නනව. ඒ ගමන්ම කැරට් අලේ දික්කරනව."
"අනේ ලොක්කයියෙ, මට ඔය අපබ්‍රන්සෙ තේරෙන්නෙ නෑ"
"හරි හරි, උදාහරනයක් විදිහට අපි ගත්තොත් ග්‍රේරො මහත්තය. එයාගෙ කෝටි ගනනක නොගෙවපු ටැක්ස් තමයි ස්ටික් එක. ලොක්ක ග්‍රේරොව ගෙන්නල ඔය ටැක්ස් ෆයිල් එක පෙන්නල කියනව, ඔබ තුමා අපේ පැත්තට බල්ටියක් ගැහුවෙ නැත්නම් අල්ලල හිරේ දානව කියල. ඒ එක්කම කියනව, අපේ පැත්තට ආවොත්, තව ඉන්ටර්නැශනල් ස්කූල් දාගන්න අපි සපෝට් දෙනව කියල."
"හා හා, හරි හරි, මෙදා සැරේ රනිල් මහත්තයත් එහෙනම් මහින්ද මහත්තයගෙ කැරට් ස්ටික් න්‍යාය කොපි කරා නේද අයියෙ?"
"නෑ නෑ බන්, මිහින් කැරට් ස්ටික් ප්‍රොසෙස් එක කරන්නෙ, අනික් පැත්තෙ ඉන්න එවුන් තමන්ගෙ පැත්තට බාගන්න. රනිල් ලොක්කට කරන්න වුනේ තමන්ගෙ එවුන් අනික් පැත්ත්ට පනින එක නවත්තගන්න."
"ඒ කිවුවෙ අයියෙ?"
"ඒ කිවුවෙ, මෙදා සැරේ මහින්ද මහත්තය කැරට් ස්ටික් දාන්න ගිහින් ඇනගත්ත. උන්නැහේට අමතක වුනා ස්ටික් එක දැන් තියෙන්නෙ රනිල ලඟ කියල. ‍යූඑන්පියේ සෙට් එකකටයි, ශ්‍ර්‍රිලංකා සෙට් එකකටයි කැරට් බෙදුව රනිලට විරුද්දව චන්දෙ දෙන්න කියල. ඒ කියන්නෙ මොණරකොල ඇඩ්වාන්ස් එකක් දුන්න. චන්දෙන් පස්සෙ ඉතුරුටික දෙනව කියල. ඔය අස්සෙ හිටපු රනිල් ලොක්කගෙ පොරක්, ‍රනිල් ලොක්කට ටිප් එක දුන්න. රනිල් ලොක්ක කරේ, ඔය ගෙම්බො සෙට් එකටම වෙන වෙනමම කතා කරල කිවුව තම තමන්ට මිහින් ලොක්කගෙන් හම්බවෙන්න තියන බැලන්ස් එකට වඩා මම දෙන්නම් කියල. එච්චරයි. අනේ ඉතින් ගෙම්බො ටික මීමින්නො වගේ දෙපැත්තෙන්ම මොණරු අරන්, මහින්ද ලොක්කට කොකා පෙන්නුව. මහින්ද ලොක්කට මතක්වුනේ නෑ තමන්ලඟ ස්ටික් එක නෑ කියල. ඒක හින්ද දැන් ඔය ගම්මන්පිලල දාල හතර අතේ දෙස්දෙවොල් තියනව. ඔය විල්සන් අංකලුත් ඒව අහල ගමේ කොල්ලො එක්ක පැටලෙනව. මන්ත්‍රීල සල්ලි අරන් තමන්ට විරුද්ද පාක්ශික මහින්ද මහත්තයට සපෝට් කරනකොට ඒව දෑත් ශක්තිමත් කිරීම. හැබැයි මන්ත්‍රීල සල්ලි අරගෙන හෝ නොගෙන තමන්ගෙ පක්ශෙට සපෝට් ක‍රන එක මොණර කොල වලට යටවීම."

අනේ ඉතින් ඔන්න ඕකයි ලොක්කයියගෙ තියරිය. මොකක් වුනත් හොඳ වෙලාවට ඉර පෑවුවෙ. නැත්නම්, අර ගම්මන්පිල කිවුව වගේ ඉර පෑවුවෙ නැත්නම් දවස තිස්සෙම ලයිට් දාගෙන ඉඳල අපේ මොණර කොල වලටයි තට්ටු වෙන්න.


Comments

Post a Comment

Total Pageviews

Popular posts from this blog

කිං කැකිල්ලේ ගේ නීති​ය

අනේ ඉතින් ශ්‍රී සේන හෙවත් අන්තිම සේන රජතුමා පැන්සොං ගිහින්, කැකිල්ලේ කුමාරය රජවෙලා මාසයක් ගියේ නෑ, උදේ පාන්දරම රජ වාසලේ ගේට්ටුව ඉස්සරහ කවුදෝ ඩිසේබොල්ඩ් හාදයෙක් හොරගල් අහුලනව. මේක දැකපු රෝයල් ගාඩ් තෙම්ක් ගේට්ටුවේ කූරු අස්සෙන්ම උගේ ඇඟට කඩා පැනපි. “ඈ බොල ජෝතිපාලයො, තොපි දන්නව නේද කැකිල්ලෙ සෑර් කියන විදිහට වැඩ කොරන්න ඕනෙ කියල. කැකිල්ලෙ සෑර් කිවුව නේද ඔය උපවාසෙ නවත්තල, අපි වෙනුවෙන් තොපි අරමුදලෙන් හදල, මාසෙ පඩියෙන් බාගෙකට තොපිට කුලියට දුන්නු ගෙවල් වලට ආපහු පල කියල. කැකිල්ලෙ සෑර් රජ වුනාට පස්සෙත් මෙතන ටැක් ගැහෙන්නෙ, තෝ හදන්නෙ ආන්ඩුව අපහසුතාවෙට පත් කරල, අර දූශනය වෙච්ච අම්මන්ඩි වගේ හිරේ ලගින්නද? දන්නවනෙ, දැන් තියෙන්නෙ ශ්‍රී සේනයගෙ හාල් පාරු ආන්ඩුව නෙවෙයි … කැකිල්ලෙ රජ්ජුරුවන්නෙ කොන්ද කෙලින් තියෙන ආන්ඩුව . හරිය ?… කන්න බොන්න පඩිය මදිනම් , බඩ පිරෙනකන් තාප්ප වල පින්තූර ඇඳපන්. ” රෝයල් ගාඩ්ගෙ ඇම්බුශ් එකෙන් පුක්ස් මැකිස් වෙලා වාරු නැතුව බිමට පතබෑවෙච්ච ඩිසේබොල්ඩ් හාදය , “ අනේ නෑ සෑර්, මම රණවිරුවෙක් නෙවෙයි, මේ කැකිල්ලෙ රජතුමාට කොම්ප්ලේන් එකක් කොරන්න ආවෙ” කියල කියාපි

පස් මහ බැලුම් බලා ඉපදුනා කියා සිතන මිනිස්සු

අපි දන්නවා, වෙනත් රටවල වගේම, ලංකාවෙත් හුඟක් දෙනෙක්, මේක තමන්ගේ රට, මේක තමන්ගේ ජාතිය, තමන්ගේ ආගම කියල ආඩම්බර වෙනවා, වාද විවාද කරනවා, රණ්ඩු වෙනවා, යුද්දත් කරනවා. එකනේ ඔය සිංහලේ කියල ස්ටිකර් අලවාගෙන ඉන්නේ. හැබැයි මට මේක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි පොඩිකාලෙ ඉස්කෝලෙදියි, දහම් පාසැලේදීයි අහල තියෙනව, බෝධිසත්වයෝ, සිද්ධාර්ථ කුමාරයා විදිහට උපදින්න ඉස්සෙල්ල, පස්මහ බැලුම් බැලුව කියල. ඒකියන්නේ, කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව කියන දේවල් තෝරාගෙන තමයි ඉපදුනේ කියල. ඉතින් සිද්දාර්ථ කුමාරයට නම් පුළුවන් මේක තනම්ගේ දේශය, තමන්ගේ කුලය කියල අනික් අය එක්ක රණ්ඩු සරුවල් කරන්න. හැබැයි, මේ අපි වගේ පෘතග්ජනයන් නම් ඔය පස්මහ බැලුම් බලල උපදිනවා කියල මම නම් අහල නෑ. මම නම් ලංකාවේ සිංහල පවුලක උපදින්න කියල තෝරාගත්තේ නෑ. ජාතිය කියන එක මට අහම්බෙන් ලැබුන. ජාතිය කියන එක කාටවත් තෝරාගන්න බෑ. ඒක කාටත් නිකන්, එහෙම නැත්නම් අහඹු විදියට ලැබෙනවා. ආගම කියන එක නම් අපිට වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මට මුණගැහුණු අයගෙන් සියයට අනුනවයකටත් වඩා ආගම කියල අදහන්නේ තමන්ගේ දෙමවුපියන්ගේ ආගම. එකියන්නේ, ආගමත් අර ජාතිය වගේ අපි කාටත් නිකන්, අහඹු ව